Wednesday 29 May 2013

සදාදර මිතුරෙනි

ගම රට හැරලා වෙන රටකට ගියත්            අනේ
නන්නාදුනන අය ඇසුරට නොයන්            අනේ
වටිනා කාලේ වැඩ පල වෙත යවන්           අනේ
අනාගතය මග සලස ගන්න                       අනේ

මරගනවෝ දැන් පිටුපස යන                   මිතුර
හොර මියන් අහු කරනා මී                       කතුර
දුන්නත් අනේ උනු උනු වේ තේ               වතුර
බොන්නට එපා නරකාදිය ගිනි                 වතුර

මලක් කඩා දුන් විට පොඩි කරනු            එපා
පොරොන්දුවක් ඩුන් විට කඩ කරනු        එපා
කාගේ උනත් හදවත රිදවන්න                 එපා
චරිතය මිසක හැඩයට රැවටෙන්න           එපා

කාලා රසය තිබුණත් නියගලා                 වැලේ
මලා නේද කැවොත් නියගලා                  ආලේ
සුකිරි කන්දකින් පහලට ගලන                ජලේ
මිපැනි ගහක් වෙවා ජිවිතය                     බොලේ



Tuesday 28 May 2013

එකම මාවතේ..................

ජිවිතේ එකම මාවතක...
පියමන් කෙරුවත් සබද අප අද .....
මදහස කදුලැලි මිට මොලවා......
ඔබ එක අතකද මා එක අතකද....
එකම මාවතේ සක්මන් කරනා.........

සිතිජයක් මට පෙනෙන මෙන්.......
ඔබටද ඇත එක සිතිජයක්........
යා යුතු එ මග බොහෝ දුර බැවින්.......
පහන් සිතිවිලි මතින් යනු මැන.........
පා පැටලි මග නොවැටෙන ලෙස.......
එකම මාවතේ............ඔබට සුබ ගමන්....

සුසුම් නැගෙනා සැම මොහොතකටම......
ඔබ මා ලග ඇත්නම් කීය මට......
සිනහ කදුලැලි ඔබට කියන්නට........
සෙවනැල්ලක් වී මා ලග ඉන්නට......
එහෙත් අද ඔබ හැරී නොඑනු මැන......
පා තැබු ගමන අවසන් කල මැන.....
එකම මාවතේ..............මා පැතුම් ඔබටයි........

ගමයා'ස් බ්ලොග්

ලියන්නට බෝහො දේ ඇත..කියන්නට කෙනෙක් නැත